රටට අවශ්‍ය වැලි තොග ඉදිරියේදී විදෙස් රටවලින් ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ රටේ වැලි අවශ්‍යතාව වෙනුවෙන් මුහුදු වැලි යොදා ගත්තද එමඟින්ද රටේ වැලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි.
රටට අවශ්‍ය වැලි තොග විදෙස් රටවලින් ගෙන්වීමට සූදානම් වන අවස්ථාවේත් රටේ විවිධ ප්‍රදේශවලින් නීතිවිරෝධී වැලි ජාවාරම් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
නෙත් නිවුස් ඉකුත්දා අනාවරණය කළේ මහවැලි ඇතුලු ප්‍රධාන ගංඟා සියල්ලගේම පාහේ නීති විරෝධීව වැලි කැණීම් සිදුවන බවයි. ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පමණක් මහවැලි ගඟේ සෑම මීටර් 17 කටම වැලි කැණීම් බලපත්‍ර ලබාදී ඇති බව පරිසර සංවිධාන පවසනවා. එලෙස මහවැලි ගඟට පමණක් ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයෙන් ලබාදී ඇති වැලි බලපත්‍ර සංඛ්‍යාව 1,300 කට අධිකයි.
(Neth)