ලබන 23 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට
සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු ලබන 26 වනදා සිය යළි ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. වොල්ගා මහත්මිය පවසයි.
ඇය පැවසුවේ ලබන 23 වැනිදා බොරතෙල් නෞකාවක් මෙරටට ළගාවීමට නියමිත බවයි.
ඒ අනුව පිරිපහදු කිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බවද ඇය පැවසීය.
රටේ උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් බොර තෙල් මිලදී ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව පසුගිය 03 වැනිදා සිට තාවකාලිකව වසා දැමිණ.
(Aruna)