Tuesday, February 17, 2026
Follow Us
අපනයන ආදායමේ වර්ධනයක් – මහ බැංකු අධිපති

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 21.6 ක අපනයන ආදායමක් ලබා ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

එය 2020 හා 2019 යන වසර දෙකටම වඩා ඉහළ අපනයන ආදායමක් බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

2019 වසරේදී ලබා තිබූ අපනයන ආදායම ඩොලර් බිලියන 19.9 ක් වන අතර විශේෂයෙන් කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් 2020 වසරේදී එය ඩොලර් බිලියන 16.1 දක්වා පහළගොස් තිබුණි.

(LNW)