Tuesday, February 17, 2026
Follow Us
සියලුම පාසල් සිසුන්ට පණිවුඩයක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්


දිවයිනේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි හෙට(10) සිට සාමාන්‍ය පරිදි විවෘත වේ.

කෙසේ වෙතත් පාසල් ආපනශාලා විවෘත කිරීමට තවදුරටත් අවසර හිමි නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අනුව සිසුන් තමන්ට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු වනවා.

සෞඛ්‍ය නිර්දේශ ලද විගස පාසල් ආපනශාලා විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කිසිදු බියක් නොදක්වා සියලු සිසුන් පාසල් වෙත එවන ලෙස කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියේය .

(Aruna)