Tuesday, February 17, 2026
Follow Us
රට තුළ සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම වැදගත් - සෞඛ්‍ය අමාත්‍යංශය

ඔමික්‍රොන් වෛරසය පැතිරයාමේ අවධානම හමුවේ රට තුළ සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමණාකරන ඒකකයේ ප්‍රධානී ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා.

හදසි අනතුරු හේතුවෙන් විශාල පිරිසක් රෝහල්ගතවන බැවින් එවැනි පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින බවයි ඔහු පෙන්වා දුන්නේ.

හදිසි අනතුරු, මෙරට රෝහල්ගත වීම සඳහා හේතුවන ප්‍රධානතම සාධකය බවද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)