Tuesday, February 17, 2026
Follow Us
අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර කළා

පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවලට මුහුණපා සිටින අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ආණ්ඩුව විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ සහන පැකේජය සඳහා මුදල් සොයාගන්නා ආකාරය හෙළිකළ යුතු බවට විපක්ෂය සිදුකරන ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ඉදිරි වසර 03 තුළ රටතුළ වේගවත් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම ආණ්ඩුවේ අරමුණ වන බවත්, එතෙක් සහන නොමැති කණ්ඩායම් වෙත සහන ලබාදෙන බවත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(Neth)