යෝජනා චෝදනා දුක් ගැනවිලි ඇත්නම් 1907 අමතන්න
මෙරට සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාවට ඇති චෝදනා, යෝජනා සහ දුක්ගැනවිලි ඇතුලු සියලු අදහස් ප්‍රකාශ කිරීම සදහා කෙටි දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ සුව සවණ නමින් සේවාවක් ආරම්භ කළ බවයි.
එම පැමිණිලි හා යෝජනා 1907 කෙටි අංකය ඔස්සේ ලබාදිය හැකි බවත් හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.
මීට අමතරව 070 7907 907 අංකයට වට්ස්ඇප් හා වයිබර් පණිවුඩයක් මගින්ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ බව හෙතෙම පැවසීය.
(Aruna)