Tuesday, September 29, 2026
Follow Us
වාණිජ බැංකුවල මුදල් හුවමාරු පිළිබඳ පැතිර යන අසත්‍ය තොරතුරක් ගැන මහ බැංකු අධිපති කථා කරයි

ගනුදෙණුකරුවන්ගේ ගිණුම්වල ඇති විදෙස් මුදල් වෙනත් මුදල් ඒකකවලට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත නියෝග කර ඇතැයි පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළා. රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශව විසින් සංවිධානාත්මක ලෙස මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ.

(Neth)