Tuesday, February 17, 2026
Follow Us
මෙරටින් හමුවූ ආසියාවේ මැණික් රැජිණට කෝටි දෙදහසක ලංසුවක් - ශ්‍රී ලංකාව බෑ කියයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම මැණික වන “ආසියාවේ රැජිණ’” ලෙස නම් කර ඇති නිල් මැණික සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100 ක මිලක් යෝජනා කර තිබෙනවා.

එය රුපියල් කෝටි 2,000 කට අධික මුදලක්. එවැනි මුදලකට මෙම මැණික මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඇත්තේ ඩුබායි සමාගමක්.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පැවසුවේ එම මිලට මැණික ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් නොමැති් බවයි.

ඊටත් වඩා වැඩි මිලක් අපේක්ෂාවෙන් මැණික වෙන්දේසියකට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මීට නොබෝ වේලාවකට පෙර නෙත් නිවුස් වෙත පැවසුවා.

“කොරන්ඩම්” වර්ගයේ කිලෝග්‍රෑම් 310 ක බර “ආසියාවේ රැජිණ’” ලෙස නම් කළ මෙම නිල් මැණික රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පතලකින් සොයාගැණුනා.

 


(Neth)