Tuesday, February 17, 2026
Follow Us
වාහනවලට අලුත් බද්දක්

මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු වලට නව බද්දක් පැනවීමට යෝජනා


2021 සහ 2022 අයවැය මගින් මත්පැන්, සිගරට්, විදුලි සංදේශ, ඔට්ටු හා සූදු සහ වාහන මත විවිධ ව්‍යස්ථාපිත නීති යටතේ පනවන ලද බදු සහ අය බදු කිහිපයක් වෙනුවට විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් පැනවීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයාට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීමට හැකිවන පරිදි මාර්ගගත ක්‍රමයට කළමනාකරණය කිරීම මෙහි අරමුණ වී ඇත.

(Aruna)