Tuesday, February 17, 2026
Follow Us
රටපුරා කාබනික සුපිරි වෙළෙඳ සැල් ජාලයක්

බස්නාහිර පළාතේ අලුතෙන් කරන්න යන වැඩේ


මෙරට පළමු වරට කාබනික සුපිරි වෙළෙඳ සැල් ජාලයක් ස්ථාපිත කිරීමට බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරිය කටයුතු යොදා ඇත.

වස විසෙන් තොර ආහාර ජනතාවට සැපයීම සඳහා අගය එකතු කරන ලද කාබනික නිෂ්පාදන වෙනුවෙන් මූලිකත්වය ලබාදීම ද මෙම කාබනික සුපිරි වෙළෙඳ සල් ජාලය මගින් සිදු කිරීමට නියමිතය.

බස්නාහිර පළාත ආවරණය වන පරිදි කාබනික සුපිරි වෙළෙඳ සල් 40 ක් ආරම්භ කිරීමට නියමිතය.මෙහි පළමු අදියර වශයෙන් මේ මාසයේදී කොට්ටාව,කටාන සහ වස්කඩුව යන ප්‍රදේශවල මෙම සුපිරි වෙළෙඳ සල් තුනක් ආරම්භ කෙරේ. මේවායෙහි හෙළ බොජුන් හල් ද විවෘත කෙරේ.

(Aruna)