Tuesday, February 17, 2026
Follow Us
සියලුම ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බදුවලින් නිදහස්

වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක්


අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සියලු බදුවලින් නිදහස් කිරීමට රජය විසින් තීරණය කර ඇත.

(03) මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බව මුදල් ඇමතිවරයා සඳහන් කළේය.
මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

(Aruna)