Tuesday, February 17, 2026
Follow Us
ගොවියා කට ඇරන් බලන් හිටියට වන්දි දෙන්න බැහැ

පොහොර භාවිත නොකළ ගොවීන්ට කෘෂි වන්දි නැහැ


කෘෂි හානි සම්බන්ධයෙන් වන්දි ලබාදෙන්නේ රජය ලබාදුන් පොහොර වර්ග හතර භාවිත කළ පිරිස් සඳහා පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා (02) පැවසීය.

“ගොවීන් පාරට බැහැල රසායනික පොහොර ඉල්ලුවා. රසායනික පොහොර ගේන්න අවස්ථාව දිලා තියෙනවා. ඕන කෙනෙකුට රසායනික පොහොර භාවිත කරන්න පුළුවන්. නමුත් රජය සහනාධාරය ලබාදෙන්නේ හරිත කෘෂිකර්මාන්තයට පමණයි.
දැන් පළිබොධ නාශක, දිලීර නාශක, පොහොර මේ සියල්ලක්ම වෙළඳපොළ තුළ තිබෙනවා. ඕනම ගොවියෙකුට රසායනික කෘෂිකර්මාන්තයට යන්න පුළුවන්. වකුගඩුවක් නැති කර ගන්නේ නැතිව, හොඳ ආහාර වේලක් දෙන්න හිතෙන ගොවි මහතෙකුට හරිත කෘෂිකර්මාන්තයට යන්න පුළුවන්.
අපි සෑම ගොවියෙකුටම ඉල්ලුම් පත්‍රයක් දීලා තියෙනවා. අපේ පොහොර භාවිත කරලද කියලා බලනවා. අපි පොහොර වර්ග හතරක් දුන්නා. කිසිම පොහොර වර්ගයක් භාවිත නොකර අපිට වන්දි දෙන්න බෑ.
ඒ සියල්ල අධ්‍යනය කරලා තමයි අපි වන්දි දෙන්නේ.අපි ආණ්ඩුවක් ලෙස මුලින්ම කාබනික ඝන පොහොර දුන්නා. ඊළඟට ජෛව දියර පොහොර දුන්නා. පොටෑසියම් ක්ලෝරයිඩ් දුන්නා. දැන් නැනේ නයිට්‍රජන් ලබාදෙමින් යනවා.
මේ පොහොර වර්ග හතරම ගොවියා භාවිත කරලා තියෙන්න ඕන. ඒ පොහොර වර්ග භාවිත කරලා ගොවියාගේ නිෂ්පාදනයට යම්කිසි අඩුවිමක් වෙලා තියෙනවනම් තමයි අපි වන්දි දෙන්නේ. ගොවියා මේ කිසිවක් භාවිත කරන්නේ නැතිව කටඇරගෙන හිටියට ආණ්ඩුවට වන්දි දෙන්න බෑ.”

(Aruna)