Tuesday, February 17, 2026
Follow Us
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව මෘදුකාංගයක්

ජනවාරි අවසන් වෙන්න කලින් හඳුන්වා දෙන දේ


එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට සමගාමීව නව මෘදුකාංගයක් සහ කේත අංක හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කටයුතු අවසන් වූ විගස පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් පොදු ස්ථානවලට ප්‍රවිශ්ට වීමට අවසර හිමිවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මේ මාසය අවසන් වීමට ප්‍රථම එම කටයුතු අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(Aruna)