Tuesday, February 17, 2026
Follow Us
දුම්රිය ගාස්තු ද ඉහළ දමන්නැයි ඉල්ලීමක්

බස් ගාස්තු මෙන් දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. දුම්රිය දෙපාර්තමේන්තුව දිගින් දිගටම පාඩු ලබන බැවින් එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා දුම්රිය ගාස්තු ද වැඩි කළ යුතු බවට සිය දෙපාර්තමේන්තුව ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කිරීම සඳහා දුම්රිය මගීන්ගේ ටිකට්පත් පරීක්ෂා කිරීම් ද මේවනවිට වැඩි කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)