Tuesday, February 17, 2026
Follow Us
ඩොලර් අර්බුදයෙන් ඖෂධ ගෙන්වීමටත් බාධා

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ද යම් බලපෑමක් එල්ලවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. කෙසේවෙතත් රටතුළ ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළවෙලක් සකස් කරමින් ඇති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ සීමා ඉවත් කිරීමට රජය කටයුතු කළේ රටම මුහුණපා සිටින ආර්ථික තත්ත්වයෙන් ගොඩ ඒමට බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එබැවින් ජනතාව සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසුවා.

(Neth)