Tuesday, February 17, 2026
Follow Us
රට යන්න බලන් ඉන්න අයට සුභ ආරංචියක්

ඔබත් අදම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙන්න


මේ වසරේදී මෙරට ශ්‍රමිකයන් සඳහා පවතින විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීමට නව ගිවිසුම් කිහිපයකට එළඹ ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ජපානයේ සහ ඊශ්‍රායලයේ නව රැකියා අවස්ථාවන්ද ඊට ඇතුළත් වන බව එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය කියා සිටියේය.

රැකියා සඳහා විදෙස් ගත වීමේදී සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගන්නා ලෙසත් එලෙස ලියාපදිංචිය ලබා ගැනීමකින් තොරව විදෙස් ගත වී විදේශයකදී යම් අපහසුතාවයකට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පවතින හැකියාව සීමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)