Tuesday, February 17, 2026
Follow Us
සියලු බන්ධනාගාර රැඳවියන්ට අද විශේෂ ආහාර වේල් දෙකක්

නව වසර වෙනුවෙන් දිවයිනේ සියලු බන්ධනාගාරවල රැදවියන්ට අද උදෑසන සහ දහවල් වේල් සදහා විශේෂ ආහාර ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන ආහාර වේලට කිරිබත් සහ දහවල් ආහාරයට කහ බත් හෝ බූරියානි වේලක් ලබාදෙන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ.

මේ අතර වැලිකඩ බන්ධනාගාරය, වැලිකඩ කාන්තා බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහලේ රදවා සිටින සිරකරුවන්ට එම ආහාර වේල නොමිලයේ ලබාදීමට ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති තීරණය කර තිබෙනවා. ඒ අනුව සිරකරුවන් 3,000 කට පමණ එලෙස ආහාර තමන් ලබාදෙන බවයි නිශ්ශංක සේනාධිපති සදහන් කළේ.

(Neth)