Tuesday, February 17, 2026
Follow Us
ත්‍රීකුණාමල තෙල් ටැංකි 14 ක් තවත් අවුරුදු 50 කට ඉන්දියාවට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ලංකා ෂධක්‍ සමාගම යටතේ ඇති තෙල් ටැංකි 14 තවත් වසර 50 කට එම සමාගමටම බදු දීමට තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති තෙල් ටැංකි 61ක් ලංකා ෂධක්‍ සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

සෘජුව ලබාගන්නා තෙල් ටැංකි 24 ක් සහ නව සමාගම යටතේ ලබාගන්නා තෙල් ටැංකි 61 සමඟ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඇති ටැංකි 99 න් 85 කම පාළනය ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් මීට පෙර ලංකා ෂධක්‍ සමාගම සමඟ ඇති කරගත් බදු ගිවිසුම ලබන වසරේදී අවසන් වීමට නියමිතව තිබුණා.

(Neth)