Tuesday, February 17, 2026
Follow Us
විදේශ සංචිත ප්‍රමාණය බිලියන 3.1 ක් දක්වා ඉහළට

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ස්වැප් ණය පහසුකම යටතේ චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 යි දශම 5 ක ණය මුදලක් අද දිනයේ මෙරටට ලැබීම හේතුවෙන් විදේශ සංචිත ප්‍රමාණය මෙලෙස ඉහළ ගිය බවයි මහ බැංකු අධිපතිවරයා නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ.

එම සංචිත ප්‍රමාණය මෙම වසර අවසන් වන තෙක් පවත්වාගැනීමට හැකි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු ක්‍රමවේදය ඔස්සේ ලබාගත් ඩොලර් මිලියන 200 පියවීම සඳහා තවත් මාස තුනක සහනයක් ලබාදීමට බංග්ලාදේශ මහ බැංකුව එකඟවී ඇතැයි වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා බලධාරීන් කළ ඉල්ලීමක් අනුවයි. බංග්ලාදේශ මහ බැංකුව විසින් අදාළ මුදල් කොටස් තුනක් යටතේ ශ්‍රී ලංකාවට නිදහස් කළේ සියයට 02 ක පොළියක් මතයි.

(Neth)