වෙළෙඳපොළේ දියර කිරි හිඟවීමේ අවදානමක්
දියර කිරි ඇසුරුම් කිරීම සඳහා ආනයනය කරනු ලබන ඇසුරුම් සඳහා රජය විසින් 5%ක බද්දක් අය කිරීම මඟින් දේශීය දියර කිරි නිෂ්පාදන කර්මාන්තය ගැටලු රැසකට මුහුණ දී ඇති බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.
එම බද්ද දියර කිරි සඳහා ඉවත් කරගැනීමට රජය වෙත ඉල්ලීම් කිහිපයක් සිදුකර ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කිරි පිටි ආනයනය නොකරන පසුබිමක දේශීය දියර කිරි සඳහා බදු පැනවීම මඟින් කර්මාන්තකරුවන්ට සහ එහි යාන්ත්‍රණයට බලපෑම් එල්ල වී ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඇසුරුම් සඳහා අය කරනු ලබන සියයට 5%ක බද්ද හේතුවෙන් දියර කිරි මිල ඉහළ නංවන ලෙස යෝජනා ඉදිරිපත්ව ඇති බව වාර්තා වන අතර දියර කිරි මිල ගණන් ඉහළ දැමීම සඳහා මෙතෙක් තීරණය කර නොමැති බව ජාතික පශු සම්පත් මණ්ඩලය සඳහන් කළේය.
ඩොලර් අර්බුදය හේතුවෙන් දේශිය කිරි නිෂ්පාදනය කරන රජයේ සමාගම් භාවිත කරන ඇසුරුම් ද කොළඹ වරායේ සිරවී තිබි ඇති අතර ඉන් කොටසක් ජාතික පශු සම්පත් මණ්ඩලයේ මැදිහත් වීම මතපසුගිය දා නිදහස් කරගෙන තිබේ
(Aruna)