Tuesday, February 17, 2026
Follow Us
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පාලනය නව සමාගමකට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ගත් අලුත් තීරණය


ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ “ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්” නමින් එම සමාගම පිහිටුවිමට නියමිත බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

දැනට ඓOC සමාගමට බදු දී ඇති තෙල් ටැංකිවලින් රජයට ලැබෙන කොටස පාලනය සඳහා එම සමාගම පිහිට වූ බව අමාත්‍යවරයා පවසයි.

IOC සමාගමට බදු දී ඇති ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යෙන් බහුතරය යළිත් මෙරටට ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ඔහු සඳහන් කරයි.

එය ඵලදායිව අවසන් කර ලක් රජයට අයත් දේපළක් වන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තෙල් සංස්ථාව යටතේ පාලනය කරන ඨ්‍රින්cඔ ඵෙට්‍රොලෙඋම් ඨෙර්මිනල් ළ්ට්ඩ් සමාගම හරහා රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදෙන පරිදි යොදා ගැනීමට නියමිතයි.

(Aruna)