Saturday, April 11, 2026
Follow Us
සිසුන් ගෙන්වන්න සරසවිවලට අවසර

සරසවි සිසුන්ට සුභ ආරංචියක්


සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දේශන, විභාග ඇතුළු ඕනෑම කටයුත්තක් සඳහා අදාළ ධාරිතාවයෙන් සියයට 50ක් වන පරිදි සිසුන් විශ්වවිද්‍යාල වෙත කැඳවීමට තීරණය කර තිබේ.

මෙම තීරණය අද(29) සිට ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් විශ්වවිද්‍යාල වෙත වැඩිදුර උපදෙස් ලබා දී තිබේ.

(Aruna)