Tuesday, February 17, 2026
Follow Us
මිලියන 96ක් අතුරුදන් බව මහින්ද කියයි

රුපියල් මිලියන 96 ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කරාද ?


පරිසර අමාත්‍යාංශය මගින් විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අවසානයේ ඉතිරි වූ රුපියල් මිලියන 96 ක මුදලක් අතුරුදන් වීම පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැනුම්දී ඇත.

වසරක කාලයක් ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය අවසන්වී ඇත්තේ මීට මාස තුනකට පමණ ඉහතදීය.

ව්‍යාපෘතියෙන් ඉතිරිවූ රුපියල් මිලියන 96 ක මුදල ප්‍රචාරණ කටයුත්තකට වියදම් කළ බවට ව්‍යාපෘතියේ නිලධාරීන් පැවසුව ද,එවැනි ප්‍රචාරණ කටයුත්තක් සිදුවී නොමැති බව පරිසර අමාත්‍යාංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමක දී අනාවරණයවී තිබේ.

වහාම මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නිලධාරීන්ගෙන් අදාළ මුදල් සම්බන්ධව නිදහසට කරුණු විමසා විමර්ශනයක් සිදුකරන ලෙස ඇමැතිවරයා උපදෙස් ලබා දී ඇත.

(Aruna)