නැගෙනහිර පළාතේ පූරා වස්තු සංරක්ෂණය කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික උරුමයන් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙන පූරා විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් විසින් නැගෙනහිර පළාතේ ජාතික උරුමයන් පිළිබඳ සිදු කරන ලද ගවේශණයත් සමගයි.
එහි වාර්තාව පදනම් කරගනිමින් නැගෙනහිර පළාතේ පූරා වස්තු සංරක්ෂණය කිරීම ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමණායක සඳහන් කළේ නැගෙනහිර පළාතේ ජාතික උරුමයන් සංවර්ධනය කිරීමේදී ජාතික ආර්ථිකයටද ශක්තියක් ලැබෙන පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
(Neth)