Tuesday, February 17, 2026
Follow Us
එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අවසර ලබාදීමට තීරණයක්


එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ 27 දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත්තේ.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇති.

(Aruna)