Tuesday, February 17, 2026
Follow Us
රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරමක්

ජනවාරි 01 සිට 28 තුළ ලැබෙන මුදල මෙන්න

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන වර්ෂයට (2022) අදාළව රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට තීරණය කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා තිබේ.

මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි 01 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු අතර පෙබරවාරි 28 වැනිදායින් පසු මෙම අත්තිකාරම් ගෙවීම නොකළ යුතු වේ.
එමෙන්ම මෙම අත්තිකාරම් මුදල ලබන වසර (2022) තුළදීම අයකර අවසන් කළ යුතු බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

(Aruna)