දුම්රිය දෙපාර්තමේන්තුව ගත් අලුත්ම තීරණය
කොළඹ කොටුව සහ බදුල්ල අතර සීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට අනුරූපීව එස්.14 වර්ගයේ බලවේග කට්ටල භාවිත කරමින් නවීන පහසුකම් සහිතව මෙම රාත්‍රී දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
ඒ අනුව අද (23) දිනයේ කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන දුම්රිය රාත්‍රී 8.30ට කොළඹ කොටුවෙන් පිටත්වීමට නියමිතයි.
හෙට (24)දිනයේ දී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා පස්වරු 5.50ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
(Aruna)