Tuesday, February 17, 2026
Follow Us
විදුලි බිල වැඩිවුනොත් ජල ගාස්තුවත් ඉහළට

ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් විදුලි බිල වැඩිකිරීමට කටයුතු කළහොත් ජල ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමග දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවයි අමාතවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදි කියා සිටියේ.

කෙසේවෙතත් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදාළ අංශ මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

(Neth)