Tuesday, February 17, 2026
Follow Us
ජනවාරියේදී බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට සැලසුම්

බිත්තර සහ කුකුළුමස් මිල ලබන මාසය තුළ පහළ යනු ඇති බව පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පවසනවා.

ඒවායෙහි මිල ගණන් ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් වන්නේ සත්ව ආහාරවල පවතින හිගය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ඊට විසදුමක් ලෙස සත්ව ආහාර මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ 40,000 ක් ආනයනය කිරීමට තීරණය කර ඇති බවද නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් පැවසුවා.

මේ වනවිට බිත්තරයක තොග මිල වන්නේ රුපියල් 23 යි 50 ක් වුවද එහි සිල්ලර මිල රුපියල් 25 ත් 30 අතර පවතිනවා. කුකුළු මස් කිලෝවක සිල්ලර මිල 750 ක් පමණ වනවා.

කෙසේවෙතත් අප්‍රේල් මාසය වනවිට කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1,200 ක් දක්වා සහ බිත්තරයක මිල රුපියල් 50 දක්වා ඉහළ යන බවයි සමගි ජනබලවේගයේ අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

(Neth)