Tuesday, February 17, 2026
Follow Us
අලුතෙන් විවාහ වූ තරුණ අයට රජයෙන් වටිනා තෑග්ගක්

අලුතෙන් විවාහ වූ තරුණ තරුණියන්ට සුභ ආරංචියක්


අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ ප්‍රජාව සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන්ට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම් බෙදා දීමට කටයුතු කරන බවයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී.රණවක මහතා පැවසුවේය..

ලබන ජනවාරි මාසයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)