Sunday, April 12, 2026
Follow Us
රටේ ආර්ථිකය ගැන මහබැංකු අධිපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි. එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව සූදානම්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් මෙහිදී මහ බැංකු අධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ මෙරට විදේශ සංචිතය ක්‍රමයෙන් පහත වැටෙමින් ඇති බවයි.

(Neth)