Tuesday, February 17, 2026
Follow Us
ගෑස් පිපිරීම් වලට හේතුව ජනපති කමිටුව හෙළි කරයි

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර සිටිනවා.

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනය සිදුකිරීමට පත්කළ ජනාධිපති කමිටු වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් එම කමිටුවේ සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියේ.

" පසුගිය කාලයේ මේ පිපිරීම් වලට ප්‍රධාන හේතුව කුමක්ද? අද වන විට මුළු සමාජයම අහන ප්‍රශ්නය. මේ ගෑස් පද්ධතිය පටන් ගන්නේ ගෑස් සිලින්ඩරය, රේගුයලේටරය, බටය සහ උදුන කියන දේයි. ,මේ එක පද්ධතියක්. අපි ස්ථානීය පරික්ෂාවලින් අපි සාක්ෂාත් කර ගත්තා. අනිත් කිසිදෙයක් වෙනස් වෙලා තිබ්බේ නැහැ. වෙනස් වෙලා තිබ්බේ මේ සිලින්ඩරය තුල තියෙන ගෑස්. එය සති දෙකෙන් දෙකට හෝ මාසයෙන් වෙනස් වෙලා තියෙනවා ගෑස් සංයුතියේ. ගෑස් සංයුතියේ වෙනස්කම් ඇතැම් විට 40 ට ආසන්න වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩරය පිපිරෙන්න විදිහක් ඇත්තේ නෑ. අපේ වාර්තාවේ සඳහන් වනවා මේ ගෑස් පිපිරීම් වලට හේතුව සංයුතියේ තියෙන වෙනස්කම කියලා" මහාචාර්ය ශාන්ත වල්පොල ප්‍රකාශ කර සිටියා.

(Neth)