ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල තැබූ ට්විටර් සටහන මෙන්න
ලබන වසරේ ආරම්භයේ සිට පොදු ස්ථාන කරා ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල කීවේය.
මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගෙන ඇති බවත්, ඒ අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් හෙතෙම අවධාරණය කළේය.
ඒ අනුව එන්නත් දෙකම ලබාගෙන ඇති පුද්ගලයන්ට විශේෂ යෙදුමක් (APP) හා කේත අංකයක් (QR CODE) ලබාදීමට නියමිතය. යම් පොදු ස්ථානයකට එන්නත් කාඩ්පත නොමැතිව ඇතුළු වී ඇත්නම් එහි වගකීම කළමනාකාරීත්වය විසින් භාරගත යුතු බවද සෞඛ්‍ය ඇමැතිවරයා කීවේය.
එන්නත ලබානොගෙන සිටීමට ඕනෑම අයකුට අයිතියක් ඇති නමුත් අන් අයගේ ජීවිත අවදානමකට ලක් කිරීමට අයිතියක් නොමැති බව ද හෙතෙම පැවැසීය.
Beginning 01st January 2022, #COVID19SL vaccination cards will be made mandatory to access public spaces in #lka. If you haven’t already received it, i urge you to #GetVaccinatedNow. #StaySafe #WearAMask
— Keheliya Rambukwella (@Keheliya_R) December 20, 2021
(Aruna)