කොවිඩ් කරල යළි අධ්‍යයනය කරන්නැයි දැනුම්දෙයි
කොවිඩ් 19 වෛරසය සඳහා නිපදවා ඇති ”මොල්නුපිරවීර්” කරල මෙරටට ගෙන්වීම තවදුරටත් ප්‍රමාද කර තිබෙන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අදාළ කරලේ ඵලදායිතාව 70%ක් ලෙස මීට පෙර පැවති නමුත් එය 30% ක් දක්වා අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා අවසයි.
ඒ අනුව යළිත් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂණික කමිටුවට දැනුම් දී ඇතැයි අමාත්‍යවරයා පැවසුවේ ය.
තාක්ෂණික කමිටුවේ සහ විශේෂඥයින්ගේ උපදෙස් මත අවශ්‍යතා ද සැලකිල්ලට ගෙන, එම කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
(Aruna)