Tuesday, February 17, 2026
Follow Us
රුපියල් 10,000 මුදල් නෝට්ටුවක් මුද්‍රණයට ?

10,000 මුදල් නෝට්ටු මුද්‍රණයේ ඇත්ත නැත්ත මෙන්න


රුපියල් දස දහසේ වටිනාකමට නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් පැතිර යන මතවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් උද්ධමනය ඉහළ යාමත් සමග එවැනි සූදානමක් ඇති බවට ඇතමුන් ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් ඇතැයි අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සඳහන් කරයි.

මේ අතර, විදේශ විනිමය සංචිත ප්‍රමාණය කඩිනමින් ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

(Aruna)