Tuesday, February 17, 2026
Follow Us
ඉන්ධන මිල ඉහළ දමයි?

නව මිල ගණන් මෙන්න


ඉන්ධන මිල කඩිනමින් ඉහළ දමන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට ඩොලර් භාවිතා කළහොත් විදේශ විනිමය නොමැතිව රට විශාල අර්බුදයකට ලක් වනු ඇතැයි මුදල් ඇමැතිවරයා වෙත යවන ලද ලිපියේ මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

ඒ අනුව පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වැඩි කර ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කළ යුතු බව ඔහු පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් එම ලිපියට මුදල් අමාත්‍යාංශය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.

(Aruna)