Tuesday, February 17, 2026
Follow Us
2022 පළමු වසර ආරම්භ කරන දිනය දැනුම්දෙයි

පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම ගැන නවතම නිවේදනය


2022 වසරේ අප්‍රේල් මාසයේ සිට නිල වශයෙන් පළමු ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාසල් ආරම්භය සහ විභාග පැවැත්වීම සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මහනුවරදී ඊයේ (19) කරුණු පැහැදිලි කළේය.

ලබන 23 වනදා පාසල් වාරය අවසන් වන අතර ජනවාරි 03 වනදා යළි පාසල් විවෘත වන බව අමාත්‍යවරයා පවසයි.

මඟ හැරුණ දේවල් පාසල්වල ආවරණය කිරීමට පුළුවන්කම ඇති වන බැවින් පාසල් අවුරුද්ද අප්‍රේල් මාසයෙන් අවසන් කරනු ලබන බව ඔහු පවසයි.

“5 ශිෂ්‍යත්වය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ හමාර වෙනවා. උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ පටන්ගෙන හමාරවෙනවා. නියමිත අපොස සාමාන්‍ය පෙළ මැයි මාසයේ ආරම්භ කරලා හමාර කර ගැනීමට ජුනි මාසයේ මැද වන විට පුළුවන්කම දැන් විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරලා සැලසුම්කරලා වැඩ කරගෙන යනවා.”

පළමු ශ්‍රේණියට සිසුන් බඳවාගැනීම නිස පරිදි ආරම්භ වෙනවාද ?
“අප්‍රේල් මාසයේ සිට තමයි නිල වශයෙන් පළමු ශ්‍රේණිය පටන් ගන්නේ. දැනට සම්ප්‍රදායික ලෙස ඒ චක්‍ර ලේඛන අනුව ඉල්ලුම්කරුවන් ඉදිරිපත් කරනවා. දෙමාපියන්ට මේ අවස්ථාව ගමන් කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කර තිබේ

(Aruna)