Tuesday, February 17, 2026
Follow Us
ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න අපහසු තීන්දු ගැනීමට රජය සැරසෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබගැනීම සඳහා මේ දක්වා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා නොවූ බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගත යුතු බවට ආණ්ඩුවේ පාර්ශව කිහිපයක් ඉකුත් දා අදහස් පළ කර තිබුණා. ඒ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මේ බව සඳහන් කළා.

රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරියේදී අපහසු තීන්දු කිහිපයකට එළඹීමට රජයට සිදුවන බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)