Tuesday, February 17, 2026
Follow Us
ගෑස් අනතුරු පිළිබඳ වාර්තාව අද ජනපතිට

මෙරටින් වාර්තා වන ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් පිළිබද අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත අද භාරදීමට නියමිතව තිබෙනවා. ඒ, ගෑස් සම්බන්ධ ගැටළු ගැන විමර්ශනයට පත් කළ විශේෂඥ කමිටුව විසින්. එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාල වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් කර අවසන් බවයි.

පසුගිය දින කිහිපයේදීම වාර්තා වූ ගෑස් අනතුරු පිළිබද පූර්ණ ලෙස සහ විධිමත්ව විමර්ශණය කිරීමෙන් අනතුරුව සිය වාර්තාව සකස් කල බවද ඔහු නෙත් නිවුස් වෙත ප්‍රකාශ කළා.

ඒ අනුව සිය කමිටුවේ නිරීක්ෂණ සහ උපදෙස් ඇතුළත් අදාළ වාර්තාවේ ඇති කරුණු සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි එම කමිටුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයා වැඩිදුරටත් පැවසුවේ.

(Neth)