ගෑස් සමාගම්වලට රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්
මෙරට ගෘහස්ත ගෑස් බෙදාහැරීම සම්බන්ධයෙන් අදාළ සමාගම් දෙකට උපදෙස් ලබාදෙන්නැයි පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණය පසුගියදා ලබාදුන් නියෝගයට අනුකූලවම පමණක් ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුකරන්නැයි ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් දෙකට සිය අමාත්‍යාංශය මගින් එලෙස උපදෙස් ලබාදී ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
(Aruna)