Tuesday, February 17, 2026
Follow Us
සංස්කෘතික අමාත්‍යාංශය යොහානිට දෙන්න හදන තෑග්ග

මැණිකෙට බත්තරමුල්ලෙන් ඉඩමක්


ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා වෙත බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් පර්චස් 9.68 ක ඉඩමක් පරිත්‍යාග කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සූදානම් වෙයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩම රජයෙන් පිරිනමන පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නියමිතය.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොවක් වසඟ කරගත් යොහානි ද සිල්වාගේ ගීතය යූ ටියුබ් නැරඹුම් මිලියන 200 පසු කර ඇත.
ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවල ප්‍රසංග ගණනාවකටද ඇය සහභාගි වූවාය. බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි 1996 විල්ස් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙත අනූනව අවුරුදු බදු පදනම මත ලබාදුන් ඉඩම්වලට යාබද ඉඩමකින් මෙම බිම් කැබැල්ල ඇය වෙත ලබාදීමට සැලසුම් කර තිබේ.

(Aruna)