Tuesday, February 17, 2026
Follow Us
කෘෂිකර්මාන්තය තුළ විශාල අර්බුදයක් - රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක

රසායනික පොහොර ගෙන්වීම පෞද්ගලික අංශයට පැවරීම හරහා කෘෂිකර්මාන්තය තුළ විශාල අර්බුදයක් මතුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. අනුරාධපුරය ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් හමුවූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මේ අතර නැනෝ දියර පොහොර භාවිතයෙන් සිය වගා කටයුතුවලට කිසිඳු සාර්ථකත්වයක් ගෙන දී නොමැති බවයි ගොවීන් පවසන්නේ.

පොහොර නොමැතිවීමෙන් වගා හානි සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගෙන කටයුතු කිරීමට රජය සූදානම් බවයි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන පැවසුවේ

(Neth)