Tuesday, February 17, 2026
Follow Us
එන්නත් කාඩ් එක නැත්නම් එළියට යන්න බෑ

ජනවාරි සිට එළියට යන්න ඕනම දේ මෙන්න


ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා පවසයි.

තමන්ට ලැබෙන පළමු අවස්ථාවේ දි නියමිත කොවිඩ් එන්නත ලබාගැනීම සමස්ථ පුරවැසියන්ගේ වගකීමක් බව ඔහු සඳහන් කළේය.

“කොවිඩ් කමිටුව තීරණයක් ගත්තා ජනවාරි 01 වනදා ඉඳන් QR කෝඩ් එක නැත්තම් පොදු ස්ථානවලට යන්න බෑ කියලා යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට එන්නත නැත්තම් යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මිනිස්සුන්ව දැනුවත් කරලා පුලුවන් තරම් එන්නත ලබාගන්න උනන්දු කරන්න.”

(Aruna)