Tuesday, February 17, 2026
Follow Us
අප්‍රේල් වෙනකොට එළවලු, ආහාර මිල අඩුවෙයි. බැසිල් ඒකට ලොකු වැඩක් කරගෙන යනවා - එස්. එම්

2022 අප්‍රේල් මාසය වනවිට එළවලු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍යවල මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවෙනු ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

"අප්‍රේල් මාසෙ වෙනකොට අපට හුඟාක් දුරට එළවලු සහ ආහාර ද්‍රව්‍ය මිල අඩු කරගන්න පුළුවන් වෙයි. ඒකට හේතුව තමයි, දැවැන්ත වැඩසටහනක් බැසිල් රාජපක්ෂ ඇමතිතුමා මේ වෙනකොට ක්‍රියාත්මක කරනවා මුදල් ඇමතිවරයා හැටියට. හැම ගමකටම මුදල් ලබාදීලා තියෙනවා එළවලු වගාකරන්න, ජීවනෝපාය සංවර්ධනයට, ඒ වගේම පශූ සම්පත් සංවර්ධනයට, ධීවර කර්මාන්තය දියුණු කරන්න. මේවායේ ප්‍රතිඵල ලබන සිංහල අවුරුද්ද වෙනකොට ලැබෙනවා. එනිසා කිසිකෙනෙක් ඒ තරම් මේකට බයවෙන්න ඕනෙ නෑ. ආර්ථික විද්‍යාඥයො එක එක කතන්දර කියනවා, ඒ මොනවා කිව්වත් සිංහල අවුරුදු වෙනකොට ජනතාවට විශාල සහනයක් ලබාදෙන්න අපට පුළුවන්"

අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)