Tuesday, February 17, 2026
Follow Us
කාබනික පොහොර ප්‍රතිපත්තියට රජයෙන් සහය ලැබුණේ නැහැ - කෘෂිකර්ම ඇමතිගෙන් මැසිවිළි

මහ කන්නය සඳහා රසායනික පොහොර යෙදීමට හැකියාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශය ආරම්භ කළ කාබනික පොහොර වැඩසටහන සඳහා සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යංශ මෙන්ම ජනාධිපති කාර්යසාධක බලකාය ද කිසිදු සහයක් ලබානොදුන් බවයි.

චීන පොහොර නැව සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. රජය ඉල්ලා සිටින නියමිත ප්‍රමිතියෙන් යුත් පොහොර තත්ත්ව පරීක්ෂාවකින් පසු දිවයිනට ගොඩබෑමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(Neth)