Tuesday, February 17, 2026
Follow Us
අලුතින් බඳවාගත් උපාධිධාරීන් 51,000 සේවයෙහි ස්ථිර කිරීම ජනවාරි 03 වනදා සිට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත 2021 වසරේදී අලුතින් බඳවාගෙන දැනට පුහුණුව සඳහා යොමුකර සිටින උපාධිධාරීන් 51000 ට රජයේ ස්ථිර පත්වීම් ලබාදීම 2022 ජනවාරි 03 වනදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව දැනට පුහුණුව ලබන උපාධිධාරීන් 51000 ම සංවර්ධන නිලධාරීන් ලෙස ජනවාරි 03 වනදා සිට නියමිත රැකියා ස්ථානයෙහි ස්ථානගත කෙරෙන අතර ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පූර්ණ කළ 42500 දෙනෙකු එදිනම ස්ථිර කිරීමට නියමිතය.

2021 පෙබරවාරි සහ මාර්තු මාසවල පුහුණුව සඳහා යෙදවූ උපාධිධාරීන් පිරිස වසරක පුහුණුව සම්පූර්ණ කළ පසුව 2022 අප්‍රේල් 01 වනදා ස්ථිර කිරීමට නියමිතව ඇත.

(LNW)