වට්සැප් හරහා ඇනවුම් කල හැකි බඩු ලැයිස්තුව මෙන්න
එළඹෙන උත්සව සමය වෙනුවෙන් සතොස හරහා ජනතාවට ලබා දීමට නියමිත සහන මල්ල වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) පෙරවරුවේ හඳුන්වා දී තිබේ.
මෙම සහන මල්ල තුළ රුපියල් 1,998/-ක් වටිනා පහත ද්‍රව්‍ය අඩංගු වේ.
සුපිරි සම්බා කිලෝ 10
ග්‍රෑම් 400 නූඩ්ල්ස් පැකට් 01
දුඹුරු සීනී කිලෝ 02
හාල් මැස්සන් ග්‍රෑම් 200
තේ කොළ ග්‍රෑම් 100
ලුණු ග්‍රෑම් 400
සුවඳ සබන් කැට 01
රෙදි සෝදන සබන් කැට 01
ඇල්ලී පපඩම් පැකට් 01
1998 දුරකථන අංකයට අමතා, WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ හෝ නැතහොත් සතොස වෙබ් අඩවිය හරහා ද මෙම භාණ්ඩ මල්ල ඔබට මිල දී ගත හැකි වේ.
සඳුදා දිනයේ සිට පැය 48ක් ඇතුලත, සේවා ගාස්තු ලෙස රුපියල් 150/-ක් අය කරමින් මෙම භාණ්ඩ මල්ල නිවෙසටම ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(Aruna)