වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. දැනට රටතුළ පොල්පැළවල හිගයක් පැවතීම හේතුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂ 5 බැගින් ලබාදී පොල් පැල තවාන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර ලබාදීම සඳහා අදාළ චක්‍රලේකය කඩිනමින් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එම කටයුතු වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට පමණක් භාරනොදී සෑම අමාත්‍යංශයක්ම තමන්ට ලබාදී ඇති මුදල් උපයෝගී කර ගනිමින් මෙම වැඩපිළිවෙළට සහයෝගය පළ කරන ලෙස මුදල් අමාත්‍යවරයා ද ඉල්ලීමක් කළ බවයි අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධාන කමිටු රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
(Neth)