Tuesday, February 17, 2026
Follow Us
කොළඹ වරාය නගරයේ ලබන වසරේ මැද වනවිට යටිතල පහසුකම් සංවර්ධනය සම්පූර්ණයෙන් අවසන්

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සියයට 75 ක් පමණ අවසන්

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය ජී.එල්. පීරිස් 17 පෙරවරුවේ කොළඹ වරාය නගරයේ සංචාරයක නිරතවී තිබෙනවා.

මෙහිදී වරාය නගරයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කෙරුණු අතර, ඉදිරි වසරේදී වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට සිදු කෙරෙන විදේශීය ආයෝජන සම්බන්ධයෙන් එහි ඉහළ කළමනාකාරීත්වය සමඟද සාකච්ඡා කළ බවයි සඳහන් වන්නේ.

ලබන වසරේ මුල් කාර්තුව තුළදී වරාය නගරයේ විදේශීය ආයෝජන කිහිපයක් සිදුකිරීමට නියමිත බව එහිදි වරාය නගර කළමනාකාරිත්වය විසින් වැඩබලන මුදල් අමාත්‍යවරයාට දැනුම්දී තිබෙනවා.

මේ වනවිට කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු සියයට 75 ක් පමණ අවසන් වී ඇති අතර, ලබන වසරේ මැද භාගය වනවිට යටිතල පහසුකම් සංවර්ධනය සම්පූර්ණයෙන් අවසන් කරන බවයි මෙහිදී ප්‍රකාශ වී ඇත්තේ.

(Aruna)